Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සුනීතාට සුවිශේෂී සම්මානයක්

සුනීතාට සුවිශේෂී සම්මානයක්

editorial - 2022 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චෙස් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සඳහා දැවැන්ත මෙහෙවරක් කරන, සුනීතා විජේසූරියට පසුගියදා ලෝක චෙස් සම්මේලනයෙන් සුවිශේෂී සම්මානයක් ප්‍රදානය කරන ලදි. ‘ආසියානු චෙස් ක්‍රීඩාවේ කැපී පෙනෙන වෙනස් කරන්නා‘ වශයෙන් එම  සම්මානය නම්කරනු ලැබ තිබිණ.

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ චෙස් පුහුණුකාරිනියක වන සුනීතා විජේසූරිය 30 වෙනි ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේදී රන් පදක්කම් ලාභිනියකි. ඇය චෙස් ක්‍රීඩාවේ ‘කාන්තා ෆිඩේ මාස්ටර්‘ පදවිය මෙන්ම ‘ෆිඩේ උපදේශක‘ පදවියද දරන්නියකි.

සුනීතාට පිරිනැමුණු මෙම සම්මානයේ විශේෂත්වය වන්නේ  ආසියානු රටවල් 58ක් අතුරින් ශ්‍රී ලංකාවට එය හිමිවීමයි.

ඉන්දියාවේ චෙන්නායි නගරයේදී පැවැති 44 වෙනි චෙස් ඔලිම්පියාඩ් තරඟාවලියට සමගාමීව එම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණ. එහෙත් එම අවස්ථාවට සහභාගිවීමට සුනීතාට නොහැකිවූ බැවින් ශ්‍රී ලාංකික චෙස් කණ්ඩායම මඟින් ඇයගේ සම්මානය ශ්‍රී ලංකා චෙස්  සම්මේලනයට එවනු ලැබ තිබිණ.



පසුගිය 10 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වූ  2022 ආසියානු පාසැල් චෙස් ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ඵහි ප්‍රධාන ආරාධිත අමුත්තාවූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සුනීතා විජේසූරියට මෙම සම්මානය නැවත ප්‍රදානය කරන ලද අවස්ථාව. ආසියානු චෙස් සම්මේලනයේ මහ ලේකම් හිෂාම් අල් ටාහර් මහතා (වම් කෙළවරේ) සහ
ආසියානු චෙස් සම්මේලනයේ උප සභාපති, පොදුරාජ්‍ය මණ්ඩලීය චෙස් සම්මේලනයේ ලේකම් සහ ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂමන් විජේසූරිය මහතාද ඡායාරූපයේ සිටිති.

- 213


අදහස් (0)

සුනීතාට සුවිශේෂී සම්මානයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.